අභවප්‍රප්ත ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහය කොළඹ සිට ගුවන් හමුදාවේ එම්.අයි 17 හෙලිකොප්ටර් යානයකින් ගම්පොල ක්‍රිඩාංගණය වෙත අද උදැසන රැගෙන එනු ලැබුවා.

අනතුරුව ගම්පොල ක්‍රිඩාංගණයේ සිට අමාත්‍යවරයාගේ දේහය රිය පෙරහැරක් මගින් කොත්මලේ රම්බොඩ වැවන්ටන් වත්තේ පිහිටි අමාත්‍යවරයාගේ නිවස වෙත රැගෙනවිත් මහජන ගෞරවය සදහා තැන්පත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ 56 වෙනි ජන්ම දිනය අදට දිනට යෙදි ඇති අතර මේ හේතුවෙන් අද දිනය පුරා තැනපත් කරන තිබෙන අමාත්‍යවරයාගේ දේහය හෙට දින උදැසන රම්බොඩ සිට නුවරඑලිය නගරය හරහා කොටගල ලංකා කම්කරු මුලස්ථානය වෙත රැගෙන යාමට නියමිතයි.

අමාත්‍යවරයාගේ අවසන් කටයුතු මේ මස 31 දින පස්වරුවේ හැටන් නොර්වුඩ් තොණ්ඩමන් ක්‍රිඩාංගණයේදි රාජ්‍යය ගෞරව සහිතව සිදු කිරිමට අවමංගල්‍යය කමිටුව තිරණය කර තිබෙනවා.

 

LEAVE A REPLY