තම වගාවන් වලට අවශ්‍ය පොහොර ඉල්ලා කැකිරාව මඩාටුගම ප්‍රදේශයේ ජනතාව ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත වනවා.

මෙම විරෝධතාවය හේතුවෙන් අනුරාධපුර දඹුල්ල ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

විරෝධතාවයට එක්ව සිටින ගොවින් චෝදනා කරන්නේ රට තුළ කිසිදු පොහොර හිගයක් නොමැති බව බලධාරීන් පැවසුව ද සිය ගොවි තැනට අවශ්‍ය පොහොර මිටියක් ලබා ගැනීමට නොහැකිව දැඩි අසරණ තත්ත්වයට පත්ව ඇති බවයි.

එමෙන්ම සහනාධාර ක්‍රමයකට නොව අත්පිට මුදලට සාධාරණ මිලක් යටතේ වෙළෙඳ පොළට පොහොර නිකුත් කළහොත් මේ ආකාරයෙන් අපහසුතාවයට පත් වීමට සිදු නොවන බව ද ගොවීන් පෙන්වා දෙනවා.

 

LEAVE A REPLY