එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකත්වය දරන හතලිස් දෙනෙකුට ආසන්න කණ්ඩායමක් අද සවස ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ පක්ෂ කාර්‍යාලයේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පැවැත්වුවා.

ඒ, එම බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්.

ආණ්ඩුව සමග ගණුදෙනු කරමින් එක්සත් ජාතික පක්ෂය සහ පාක්ෂිකයින්ව පාවාදෙමින් සිටින සුළු කල්ලියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරය එහිදී තීන්දු කර තිබෙනවා.

LEAVE A REPLY