ඉටුකම අරමුදල සමාජ ගත් කිරීම උදෙසා විශේෂ ඒකාබද්ද මාධ්‍ය වැඩසටහනක් අද පෙරවරුවේ පැවැත්වෙනවා.

අද පෙරවරු 10.00 සිට දහවල් 12.00 ක් මෙම වැඩසටහන එෆ්.එම් 107 ඔස්සේ ප්‍රචාරය කිරීමට නියමිතයි.

ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න , සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ යන මහත්වරු ඊට සහභාගී වනවා.

එමෙන්ම ජැක්සන් ඇන්තනී, භාතිය සන්තුෂ්, උමාරියා සිංහවංශ යන කලාකරුවන්ද ඊට සහභාගී වීමට නියමිතයි.

ඉටුකම අරමුදල වෙනුවෙන් නුෂාඩ් පෙරේරා මහතා මෙම වැඩසටහනට සහභාගි වන අතර වැඩසටහන මෙහෙයවනු ලබන්නෙ කැලුම් ශ්‍රිමාල් විසින්.

LEAVE A REPLY