ඊයේ රාත්‍රියේ කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1620 දක්වා ඉහළ ගියා.

මෙම ආසාදිතයින් 7 දෙනා කටාර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි අය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව ඊයේ දිනය තුළ පමණක් කොරෝනා ආසාදිතයින් 62 ක් වාර්තා වී තිබෙනවා.

ඊයේ දිනය තුළ හඳුනාගත් සෙසු රෝගීන් 55 දෙනා අතර, නාවික හමුදා සාමාජිකයින් 25 දෙනෙකුද වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.

ඉන් 17 දෙනෙකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේත්, දෙදෙනෙකු පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයේත් තවත් දෙදෙනෙකු මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේත්,නිරෝධායන ක්‍රියාවලියට ලක් වූ අය වනවා.

මීට අමටරව කල්පිටිය සහ ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානවලින් ද ආසාදිතයින් එක් අයෙකු බැගින් ද හඳුනා ගෙන තිබෙනවා.

අනෙක් නාවික හමුදා සාමාජිකයින් දෙදෙනා ද නිරෝධායනයට ලක් වෙමින් සිටි අය බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

මීට අමතරව ඊයේ දිනයේ දී කටාර්හි සිට පැමිණ අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 19 දෙනෙකුට ද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ තිබෙනවා.

කුවේට්හි සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වු පුද්ගලයින් අට දෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු වුනා.

එමෙන්ම මාලදිවයිනේ සිට පැමිණ පුනේයි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු ද එම ආසාදිතයින් 55 දෙනා අතරට අයත්.

කොරෝනා ආසාදනය වූ 829 දෙනෙක් මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව 781 ක්.

මේ අතර කටුනායක ගුවන්තොටුපලේ සේවයේ යෙදී සිටි යුද හමුදා සාමාජිකයෙකුට ද කොරෝනා ආසාදනය වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවා.

කුවේට්හි සිට පැමිණි කණ්ඩායමට ඉතා සමීපයෙන් සහය දැක්වු හමුදා සාමාජිකයෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී තිබෙනවා.

LEAVE A REPLY