අභවප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.

රාජ්‍ය ගෞරව සහිතව නොර්වුඩ් තොණ්ඩමන් ක්‍රිඩාංගණයේදි අවසන් කටයුතු සිදු කිරිමට සැලසුම් කර තිබෙනවා.

තොණ්ඩමන් මහතාගේ දේහය අද පස්වරු 1 දක්වා කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ තොණ්ඩමන් පදනම් කාර්යයාලයේ මහජන ගෞරවය සදහා තැන්පත් කර ඇති බවයි වී එෆ්.එම් ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

තොණ්ඩමන් මහතාගේ පවුලේ සමාජිකයන් , හිතවතුන් , දේශපාලඥයින් සහ අධාරකරුවන් 200 දෙනෙකු පමණක් සහභාගි කර ගනිමින් අවසන් කටයුතු සිදු කිරිමට නියමිතයි.

මේ අතර තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු සිදු කරන අද දිනයේ කොටගල , හැටන් , නොර්වුඩ් යන ප්‍රදේශවලට යුධ හමුදාව , පොලිසිය , පොලිස් විශේෂ කාර්යය බලකාය එකාබද්ධව දැඩි ආරක්ෂිත වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ ඇදිරි නිති බලපත්‍ර නොමැතිව මාර්ගයේ ගමන් ගන්නා පිරිස් ආපසු හරවා යැවිමටද ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින බවයි.

LEAVE A REPLY