2010 වසරේදී විහාරස්ථානයේ ආයුධ හා බෝම්බ සගවාගෙන සිටීමේ වරදට පූජ්‍ය ඌව තැන්නේ සුමන හිමිට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලබා දී තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා විසින් මෙම තින්දුව ලබාදුන් බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

2010 වසරේ ජනාධිපතිවරණ සමයේ බෝම්බ හා තුවක්කු ළඟතබා ගත් බවට කොළඹ මාලිගාවත්තේ බෝධිරාජාරාමාධිපති ඌව තැන්නේ සුමන හිමියන්ට චෝදනා ගොනු කර තිබුණා.

මේ අතර, වැලිකඩ හිටපු පොලිස් ස්ථානාධිපතිල සහකාර පොලිස් අධිකාරී, සුදත් අස්මඩල මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට අද දැනුම් දී තිබෙනවා.

ඒ, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධ රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනා මතයි.

වරෙන්තුවක් ලබාගෙන හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා මෙලෙස කොළඹ අපරාධ කොට්ඨාශයට දැනුම් දී ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනිතිඥ නිෂාරා ජයරත්න සඳහන් කළේ.

LEAVE A REPLY