පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝම්බර් මස 13 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් සකස් කර ඔස්ටේ්‍රලියානු ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් විකුණා රුපියල් මිලියන 20ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම ඔහුට එල්ලවී ඇති චෝදනාවයි.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ආර්ග ගුරුසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී දෙපාර්ශ්වයේ නීතිඥවරුන්ගේ එකඟතාවය මත මෙම නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝම්බර් මස 13 වනදා කැඳවීමටයි විනිසුරුවරයා නියම කළේ.

LEAVE A REPLY