ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් භූගත බංකරයකට රැගෙන යාමට ධවල මන්දිරයේ ආරක්ෂක ඒකකයේ නිලධාරීන්ට සිදුව ඇති විදෙස් වාර්තාවල දැක්වෙනවාග ජනාධිපති ට්‍රම්ප් ගේ ආරක්ෂාව භාරව කටයුතු කරන විශේෂ රහස් ඔත්තු ඒකකයේ නිලධාරීන් විසින් එලෙස ධවල මන්දිරයේ පිහිටි භූගත බංකරයකට ඔහුව හදිසියේම කැඳවා ගෙන ගියේ ධවල මන්දිරය ඉදිරිපිට ඇතිවූ විරෝධතාවයන් සමග බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.
කළු ජාතික ජොර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරිමේ සිදුවීමේ අරම්භකයා ධවල මන්දිරය ඉදිරිපිටදී පැවති විරෝධතාවයන් සමග විරෝධතාකරුවන් විසින් ධවල මන්දිරයේ පිහිටි ආරක්ෂක මුරකුටි කිහිපයකටම ප්‍රහාර එල්ල කොට ඇතැයිද සඳහන්.
ධවල මන්දිරය ඉදිරිපිට ඇතිව තිබෙන තත්ත්වය පාලනය කිරිමට ආරක්ෂාව සඳහා යොදවා ඇති පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ කඳුළු ගෑස් සහ අධි තාක්ෂණික කම්පන ප්‍රහාරක උපකරණ යොදා ගත් බවයි විදෙස් වාර්තාවල තවදුරටත් දැක්වෙන්නේ.

2001 වර්ෂයේ සැප්තැම්බර් මස 11 වෙනිදා අල් කයිඩා සංවිධානය විසින් අමෙරිකාවට ප්‍රහාර එල්ල කිරීමේදී ඇතිවූ තත්ත්වයෙන් පසු ධවල මන්දිරය තුල ඉහළතම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කිරිමට පසුගියදා එරට බුද්ධි අංශ විසින් පියවර ගනු ලැබුවාග ඒ ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ මරණයත් සමග ඇතිවූ විරෝධතාවයන් සමගයි.
ධවල මන්දිරය ඉදිරිපිට ඇතිව තිබෙන තත්ත්වය සමග එහි සේවය කරනු ලබන සේවක සේවිකාවන්ට රැකියාව අවසන් කොට පිටව යාමේදී සහ නැවත සේවයට පැමිණීමේදී ඔවුන්ට ලබාදී ඇති අවසර පත්‍රයන් සඟවා ගෙන එන ලෙසටද නියෝග කර තිබෙනවාගජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ ඝාතනයට එරෙහිව පැවැත්වෙන විරෝධතාවයන් අද 06 වන දිනටත් අමෙරිකාවේ ප්‍රාන්ත රැසක දියත් වෙමින් පවාතිනවා.

LEAVE A REPLY