අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම මේ මස 23 වනදා කැදවන ලෙස ශේෂ්ඨාධිකරණය නියම කළා.

එම පෙත්සම අද එල්.ටී.බී. දෙහිදෙණිය, ප්‍රීති පද්මන් සූරසේන සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිපතිවරයාට නියම කළේ මෙම පෙත්සමට අදාළ සීමිත විරෝධතා තිබේනම් ඒවා අද සිට සතියක් ඇතුළත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි.

එතැන් පටන් තව සතියක කාලයක් තුළ ප්‍රතිවිරෝධතා තිබේ නම් ඉදිරිපත් කරන ලෙසද විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශ්වය විට දැනුම් දුන්නා.

අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 23 වනදා කැදවන ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළා.

LEAVE A REPLY