ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවේ අනෙකුත් රටවල් හා සසඳන විට ලාභදායී ඉන්ධන පිරිවැයක් පාකිස්තානයට ඇති බව පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ප්‍රකාශ කර තිබෙනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කළා.

ඉන්දියාවේ ඉන්ධන මිල මීට දෙගුණයක් පමණ වන බවත්, බංග්ලාදේශය, ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ ඉන්ධන මිල මීට වඩා සියයට 50 – 75 ත් අතර ප්‍රමාණයකින් වැඩි බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

අද සිට ක්‍රියාත්මක වන පරිදි පකිස්ථාන රජය පෙට්‍රල් මිල ලීටරයකට රුපියල් 7යි ශත 06 කින්, පාකිස්තානයේ භූමිතෙල් රුපියල් 11 යි ශත 88 කින් සහ පාකිස්තානයේ සැහැල්ලු ඩීසල් රුපියල් 9යි ශත 37 කින් පහත හෙලීමට කටයුතු කර තිබෙනවා.

LEAVE A REPLY