ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ ජුනි මස 20 වන දා මහ මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදන බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ කරුණු සලකා බැලීම ශේෂ්ඨාධිකරණය අද අවසන් කළා.

ඒ අනුව එම පෙත්සම් විභාගයට අවසර දෙන්නේ ද? නැත්ද? යන නියෝගය ප්‍රකාශ කිරීම හෙට පස් වරු 3:00 ට සිදු කිරීමට නියමිතයි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ දින 10 ක් තිස්සේ සිදුකරන ලද කරුණු සලකා බැලීම් වලින් පසුවයි එම නියෝගය කළේ.

සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, මාධ්‍යවේදී වික්ටර් අයිවන් ඇතුළු පිරිසක් විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ ජුනි මස විසි වනදා මහමැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම ගෙන තිබෙන තීරණය අභියෝගයට ලක් කරමින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

LEAVE A REPLY