දරුවන්ගේ සෞඛ්‍ය පුරුදු සම්බන්ධයෙන් පාසල තුළ සහ නිවස තුළදීත් දෙමව්පියන් සැළකිලිමත් විය යුතු බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මාලඹේ ආදර්ශ පිරිමි විද්‍යාලයේ පැවති උත්සවයකදීයි.

මේ අතර පාසල් අධ්‍යාපන කටයුතු අද සිට අදියර කිහිපයක් යටතේ සිදුවුණා.

ඒ අනුව අද කිසිඳු පාසලක අධ්‍යාපන කටයුතු සිදුවූයේ නැහැ.

පාසල් විවෘත කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කරමින් පළමු අදියර යටතේ විදුහල්පතිවරුන්, ගුරුවරුන් හා අනධ්‍යයන කාර්යය මණ්ඩලය පමණක් අද දිනයේ පාසල් වෙත කැඳවා තිබුණා.

මේ අතර සිසු දරු දැරියන් වෙනුවෙන් පාසල් විවෘත වන්නේ ජූලි මස
6 වැනිදායි.

එතැන් සිට අදියර කිහිපයක් යටතේ පාසල් වෙත සිසු දරුදැරියන් කැඳවීමටයි අධ්‍යාපන අමාත්‍යංශය සැළසුම් කර ඇත්තේ.

LEAVE A REPLY