අමෙරිකා එක්සත් ජනපදය නව කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීමේ වගකීම අත්හැර දැමූ බව නිව්යෝර්ක් ආණ්ඩුකාර ඇන්ඩෘ කියුමෝ පවසනවා.

මාස දෙකකට පෙර අමෙරිකාව පුරා සෑම අයෙකුටම මුඛ ආවරණයක් පැළඳීමට උපදෙස් දෙමින් විධායක නියෝගයකට අත්සන් කරන ලෙස කියුමෝ අමෙරිකානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා.

මුඛ ආවරණයක් පැළදීමට ජනාධිපතිවරයා ආදර්ශයෙන් නායකත්වය දීමට කටයුතු කළ යුතු බවටයි ඔහු චෝදනා කරන්නේ.

LEAVE A REPLY