2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසාන තරගයේ දී තරග පාවාදීමක් සිදුවූවායැයි කෙරෙන චෝදනාව සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබාදීමට හිටපු ක්‍රිකට් නායක අරවින්ද ද සිල්වා මහතා ක්‍රීඩා අමාත්‍යංශයට පැමිණ තිබෙනවා.

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය සඳහා නම් කළ සංචිතය අවසන් මොහොතේ දී වෙනස් කර ඇති බව හිටපු ක්‍රිඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගියදා ප්‍රකාශ කළා.

එවක ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අරවින්ද ද සිල්වා මහතා ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය මගින් කැඳවා ඇත්තේ ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

LEAVE A REPLY