BERLIN, GERMANY - MARCH 10 :Symbol photo of the coronavirus crisis. Diagnosis. COVID-19, SARS-CoV-2 on March 10, 2020 in Berlin, Germany. Health authorities around the world are concerned about the novel coronavirus. More and more countries are reporting diseases and new infections. (Photo by Thomas Imo/Photothek via Getty Images)

කොරෝනා දෙවන රැල්ලට මුහුණ දී සිටින රටවල් අතරට ජපානය ද එක්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කලේ ගත වූ පැය 24 තුළ ජපානයෙන් ආසාදිතයන් 111 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.

මේ වන විට ඔස්ටේ්‍රලියාව, දකුණු කොරියාව සහ චීනය කොරෝනා දෙවන රැල්ලකට මුහුණ පා සිටින රටවල් අතර වනවා.

මේ අතර අද දිනයේ වැඩිම ආසාදිතයන් පිරිසක් රුසියාවෙන් වාර්තා වී තිබු අතර එම සංඛ්‍යාව 6,693 ක්.

එමෙන්ම වැඩිම මරණ සංඛ්‍යාවක් මෙක්සිකෝවෙන් වාර්තා වුණා.

ඒ අනුව ගත වූ පැය 24 තුළ වාර්තා වූ මරණ 473 ත් සමග මෙක්සිකෝවෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 27,121 ක්.

මේ අතර නිරෝධායන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් ඇතැම් රටවල් ගෙන ඇති ක්‍රියාමාර්ගයන් හමුවේ කොවිඞ් 19 පැතිරීම වේගවත් විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩෙනම් ප්‍රකාශ කළේ මේ වනවිට මෙම වෛරසය ලතින් ඇමරිකාවේ වේගයෙන් ව්‍යාප්ත වන අතර දකුණු ආසියාවට සහ අප්‍රිකාවට ද අහිතකර ලෙස බලපා ඇති බවයි.

මේ අතර කොවිඞ් 19 වෛරසයෙන් දකුණු ආසියාවේ වැඩිම බලපෑමක් එල්ලක් වී ඇති ඉන්දියාවෙන්, අද දිනය තුළ ආසාදිතයන් 810 දෙනෙකු වාර්තා වුණා.

මේ අනුව ඉන්දියාවේ පැතිර යන කොරෝනා වෛරස අවදානම සමග තමිල්නාඩු ප්‍රාන්තය සහ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය ජූලි 31 දක්වා යළි වසා දැමීමටයි එරට රජය තීරණය කර ඇත්තේ.

එමෙන්ම බටහිර බෙංගාලය, ජාර්කන්ඞ්, නාගලන්ඞ් සහ අසාම් වැනි තවත් ප්‍රාන්ත කිහිපයක් දැනටමත් වසා දමන බවටද නිවේදනය කර තිබෙනවා.

මේ අතර ඉන්දීය ඖෂධ නිෂ්පාදන සමාගමක්වන භාරත් බයෝටෙක් මගින් නිෂ්පාදනය කර ඇති කොවිඞ් 19 ඖෂධය මිනිසුන් යොදාගෙන අත්හදා බැලීමට අවසර ලැබී තිබෙනවා.

එම ඖෂධය නම් කර ඇත්තේ කොවැක්සීන් ලෙසයි.

මේඅනුව එම එන්නත සඳහා අත්හදා බැලීම් ඉන්දියාව පුරා ජූලි මස සිදුකිරීමට නියමිත බවයි එරට මාධ්‍ය වාර්තාවල දැක්වුණේ.

මේ අතර යුරෝපා සංගමය විසින් කොරෝනා වෛරසයෙන් ආරක්ෂිත යැයි සැලකෙන රටවල් 14 නම් කර තිබෙනවා.

කොරෝනා දෙවන රැල්ලකට මුහුණ පා සිටින ඕස්ටේ්‍රලියාව, ජපානය සහ දකුණු කොරියාව යන රටවල් ද ඊට ඇතුලත් කර තිබීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් ඇමරිකාව, බ්‍රසීලය සහ චීනය එම ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙනවා.

LEAVE A REPLY