ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මැලේසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 150 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර සිට අද උදෑසන කටුනායක ජාත්‍යන්තර
ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කළේ
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ එල් – 319 දරන විශේෂ ගුවන් යානයෙන් අද උදෑසන 8.52 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ බවයි.

මෙම ගුවන් මගීන් අතර එරට රැකියා සඳහා ගොස් සිටි පිරිසක් සහ මැලේසියාවේ උසස් අධ්‍යපනය ලබා ගැනීමට ගොස් සිටි සිසුන් පිරිසක් බවයි වාර්තා වන්නේ.

මේ අනුව මෙම ගුවන් මගීන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී පී සී ආර් පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා.

LEAVE A REPLY