දඹුල්ල ඉහල ඇරෑවුල ගෝන වැව ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වූ ටයර් දමා පුළුස්සා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයන් තුන්දෙනෙකු මාතලේ කොට්ඨාස අපරාධ අංශය මගින් සැකපිට අත්අඩංගුවට තිබෙනවා.

පසුගිය 16 වනදා දඹුල්ල ඉහල ඇරෑවුල ගෝන වැව ප්‍රදේශයේ වන ලැහැබක් තුළ ටයර් දමා නාදුනන අයෙකු පුළුස්සා ඇති බව පොලිසිය විසින් සොයා ගැනුණා.

පොලිසිය අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ මෙසේ මියගොස් ඇත්තේ වැලි ටිපර් ‍රියදුරන් ලෙස කටයුතු කළ කහවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු බවයි.

සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇත්තේද තවත් වැලි ටිපර් හිමිකරුවන් තිදෙනෙකු බව පොලීසිය සඳහන් කළා.

LEAVE A REPLY