ශ්‍රී දළදා මාලිගාවේ දළදා කරඬුව කිහිප අවස්ථාවකදී වැඩම වූ කෑගල්ල, මිල්ලන්ගොඩ ජයන්ති ඇතා මියගොස් තිබෙනවා.

වයස අවුරුදු 70 ක් පමණ වන මෙම ඇතා ඊයේ මියගොස් ඇති බව සඳහන්.

වයස අවුරුදු හතරේ දී දෙහිවල සත්වෝද්‍යානයේ පැවති ප්‍රසිද්ධ වෙන්දේසියකදී රුපියල් 5,500 වටිනාකමකට වෙන්දේසි වූ අවස්ථාවේදී එස් ආර් එස් මිල්ලන්ගොඩ මහතා විසින් මෙම ඇතා මිලදී ගෙන තිබෙනවා.

මිල්ලන්ගොඩ ජයන්ති ඇතා පොඩි රාජා ලෙසින් ද හඳුන්වනු ලබනවා.

1956 වසර බුද්ධ ජයන්ති වසර වූ බැවින් එම වසරේදීම මෙම ඇතා මිලදී ගැනීම හේතුවෙන් ඇතාට ජයන්ති යන නාමය යොදා තිබෙනවා.

LEAVE A REPLY