පාතාලය, මත්කුඩු ජාවාරම සහ අනෙකුත් නීති විරෝධි ක්‍රියා මැඩලීමට ඉහළ පොලිස් නිලධාරීන් ක්‍රියා කළ යුතු බව ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.

එමෙන්ම මත්කුඩු ජාවාරම, පාතාල ක්‍රියාකාරකම්, කප්පම් ගැනීම සහ අනෙකුත් නීති විරෝධි ක්‍රියා මහ පරිමාණයෙන් සිදුවන්නේ නම් එම පළාත භාර උසස් පොලිස් නිලධාරීන් තම නිල ඇඳුම ඇද සිටීම පිළිබඳ ලැඡ්ඡා විය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව කියා සිටියා.

LEAVE A REPLY