මැණික් ගලක් ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ දහ හතරක මුදලක් කොල්ල කෑ කාන්තාවක් පෑලියගොඩ බස්නාහිර පළාත් උතුරු දිසාව භාර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය වර්ෂයේ දීද කදාන පොලිස් වසමේ දී මෙලෙසම මැණික් ගලක් ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 14 ක මුදලක් කොල්ලකෑම සම්බන්ධයෙන් ද කදාන පොලීසිය මගින් සිදුකරන ලද පැමිණිල්ලක විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව අද පෙරවරුවේ දී කදාන පොලිස් වසමේ දී අදාල කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට පත් කාන්තාව වයස අවුරුදු 41 ක් පමණ වන කදාන ප්‍රදේශයේ පදිංචිකාරණියක්.

සිද්ධියට අදාළව මේ වන විට සැකකරුවන් දස දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් සැකකරුවන් නව දෙනෙක් වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇපමත මුදාහැර තිබෙනවා.

ප්‍රධාන සැකකරු පමණක් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

LEAVE A REPLY