කොරෝනා වසංගත තත්ත්වයත් සමග පසුගිය මාස කිහිපයේ විදුලි බිල්පත්වල ඇතුළත් ගාස්තු සම්බන්ධයෙන් මහජනතාවගෙන් ලැබෙන පැමිණිලි සැළකිල්ලට ගෙන ඒ පිළිබඳව අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමට පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඛනිජ තෙල් අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා
කියා සිටියේ අදාළ දැනුවත් කිරීමෙන් පසුව විදුලි ගාස්තු සම්බන්ධ අවසන් තීරණය ගන්නා බවයි.

මාර්තු, අප්‍රේල් සහ මැයි මාස සඳහා විදුලි පාරිභෝගිකයන්ගෙන් විදුලිබල මණ්ඩලයට අයවිය යුතු මුදල රුපියල් කෝටි 2,000 වන බව සඳහන්.

මේ අතර ජූනි මාසයේ බිල්පත්වලින් සියයට 90 ක් විදුලි පාරිභෝගිකයින් විසින්
මේ වනවිට ගෙවීමටද කටයුතු කර ඇති බව විදුලිබල මණ්ඩලය පවසනවා.

LEAVE A REPLY