විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ අතර දුරකතන සංවාදයක් සිදුව තිබෙනවා.

එම සංවාදයේ දී පසුගියදා ප්‍රකාශයට පත් කළ එම් සී සී සමාලෝචන වාර්තාව ගැන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රාජ්‍ය ලේකම්වරයාව දැනුවත් කර තිබෙනවා.

එමෙන්ම එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව ද ඔවුන් දෙදෙනා අදහස් හුවමාරු කරගෙන ඇති බවයි විදේශ සබඳතා අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ.

ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ ස්වෛරීභාවය උදෙසා තවදුරටත් කැපවන බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මෙහිදී පවසා තිබෙනවා.

LEAVE A REPLY