ක්‍රීඩාවට සම්බන්ධ දූෂණ විමර්ශන සොයා බැලීම සඳහා පිහිටුවා තිබෙන, විශේෂ පොලිස් විමර්ශන ඒකකය හමුවේ අද දිනයේ දී පෙනී සිටින ලෙස, හිටපු තේරීම් කමිටු සභාපති, අරවින්ද ද සිල්වා මහතාට දැනුම් දී තිබෙනවා.

මෙම කැදවීම සිදුකර තිබෙන්නේ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් සිදුකරන ලද තරග පාවාදීම පිළිබඳ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි.

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පාවාදුන්නේ යැයි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ක්‍රිඩා වැරදි වැළැක්වීමේ පනත අනුව ස්ථාපනය කළ පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් අලුත්ගමගේ මහතාගෙන් මීට පෙර ප්‍රකාශ සටහන් කර ගත්තා.

ඒ පසුගිය 24 වනදා නාවලපිටිය පිහිටි මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අයත් කාර්යාලයේදීයි.

LEAVE A REPLY