උපුල් තරංග ක්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශනය කරන විශේෂ පොලිස් ඒකකය වෙත පැමිණ තිබෙනවා.

ඒ, 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පාවා දී ඇති බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදුකල චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.

ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය වෙත පැය 06 කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දීමට හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතා ඊයේ කටයුතු කළා.

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරඟය සඳහා නම් කළ සංචිතය අවසන් මොහොතේදී වෙනස් කර ඇති බව හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දාන්නද අලුත්ගමගේ මහතා පසුගිය දා ප්‍රකාශ කළා.

එවක ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අරවින්ද ද සිල්වා මහතා ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය මගින් කැඳවා තිබුණේ ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමටයි.

LEAVE A REPLY