දකුණු කොරියාව විසින් කොවිඞ් -19 ප්‍රතිකාර සඳහා භාවිතා කරන රෙමෙඩිසිවර් නම් ඖෂධය බෙදා හැරිම ආරම්භ කර තිබෙනවා.

මෙම ඖෂධය ගිලියද් නම් විද්‍යා ආයතනය විසින් සපයන අතර අගෝස්තු මාසයේදී සැපයුම් මිලදී ගැනීමට සාකච්ඡා කෙරෙමින් පවතින බවයි කොරියාවේ රෝග පාලන මධ්‍යස්ථානය සඳහන් කළේ.

එමෙන්ම එරට රෝග පාලන ඒජන්සිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ රෙමෙඩිසයිර් නම් ඖෂධය නියුමෝනියාව හා ඔක්සිජන් ප්‍රතිකාර අවශ්‍ය රෝගීන්ට පමණක් භාවිත කරන ලෙසයි.

රෙමෙඩිසයිර් යනු ඉබෝලා රෝගයට එරෙහිව භාවිතා කර ඇති ප්‍රතිවයිරස ඖෂධයක් වනවා.

LEAVE A REPLY