නාවික හමුදාව සහ පොලීසිය එක්ව වනාතවිල්ලුව, ස්මයිල්පුරම් ප්‍රදේශයේ සිදුකළ ‍සෝදිසි කිරීමකදී නීති විරෝධී ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදාව වෙත ලද තොරතුරකට අනුව වයඹ නාවික විධානය සහ වනාතවිල්ලුව පොලිසිය එක්ව වනාතවිල්ලුවල ස්මයිල්පුරම් ප්‍රදේශයේ සිදුකරන ලද ‍සෝදිසි කිරීමකදී නිවසක් පරික්‍ෂාවට ලක්කර එහි සූක්‍ෂම ලෙස සඟවා තිබූ නීතිවිරෝධී ගිනිඅවියක්, බෝර 12 උණ්ඩ 03 ක් සහ යකඩ බෝල ග්‍රෑම් 400 ක ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් වී තිබෙනවා.

LEAVE A REPLY