වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවෙකු සතුව තිබී මෑත කාලයේදී සොයා ගත් වැඩිම හෙරොයින් ප්‍රමාණය සොයා ගෙන තිබෙනවා.

ඒ, වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවෙකු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 20කට අධික ප්‍රමාණයක් සොයා ගැනීමත් සමගයි.

ඔහු හෙරොයින් සම්බන්ධ නඩුවකට වරදකරු වී සිරදඩුවම් විදින සැකකරුවෙකු බව සඳහන්.

වාට්ටුවෙන් පිටත සිටින අවස්ථාවකදී ඔහු පිළිබද සැක සිතී වැලිකඩ බන්ධනාගාරයේ රාජකාරී සිදුකළ බන්ධනාගාර නියාමකවරයෙකු විසින් සිරකරු පරීක්ෂා කර තිබෙනවා.

එහිදී ඔහු සිය ශරීරයේ මෙම හෙරොයින් ප්‍රමාණය සගවා ගෙන සිටි බවයි වාර්තා වන්නේ.

බන්ධනාගාර ආශ්‍රිතව සිදුවන විවිධ අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සදහා මේ වනවිට මෙහෙයුමක් ක්‍රියාත්මකයි.

ඒ අනුව එක් එක් බන්ධනාගාරවල ඇති තහනම් භාණ්ඩ සහ ද්‍රව්‍ය වහාම ඉවත් කිරීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අදාළ බන්ධනාගාර අධිකාරිවරුන්ට දැනුම් දී තිබෙනවා.

එම කටයුතු සති දෙකක් තුළ අවසන් විය යුතු අතර, ඉන්පසු බන්ධනාගාර මූලස්ථානයේ ක්‍රියාත්මක බුද්ධි අංශ නිලධාරීන් බන්ධනාගාර හදිසි පරීක්ෂාවකට ලක් කිරීමට නියමිතයි.

LEAVE A REPLY