රුපියල් කෝටි දෙකකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2 ක් හා කේරළ ගංජා කිලෝග්‍රෑම් 25 ක් තොගයක් ප්‍රවාහනය කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් වටලනු ලැබුවා.

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පැවසූවේ පේදුරුතුඩුව සිට කොළඹ බලා වෑන් රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ සැකකරුවෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි.

යාපනය ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගත් අතර සැකකරු කොළඹ ප්‍රදේශයේ ජාවාරම්කරුවෙකු වෙත ලබාදීමට මත්ද්‍රව්‍ය රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගත් බවද පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළා.

LEAVE A REPLY