ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන එක් කෝටි 59 ලක්ෂ 1,079ක් බවට පත්ව තිබෙනවා.

එමෙන්ම ලොව පුරා කොවිඞ් අසාදනයෙන් මියගිය පිරිස සටහන් වන්නේ පන්ලක්ෂ 14,021ක් ලෙසටයි.

ලොව පුරා සුව වූ පිරිස ද 57 ලක්ෂ 98,973 ලෙසට විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

මේ අතර කොවිඞ් දෙවන රැල්ලකට මුහුණ පා සිටින ඔස්ටේ්‍රලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් ගත වූ පැය 24තුළ නව ආසාදිතයන් 73 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ 36 ක් වසා දැමීමටයි එරට බලධාරීන් තීරණය කර ඇත්තේ.

මේ වනවිට ඔස්ටේ්‍රලියාවේ මුළු ආසාදිත 7,920ක් වාර්තා වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 104ක්.

මේ අතර අමෙරිකාවෙන් දිනයකදී කොවිඞ් ආසාධිතයන් ලක්ෂයක් වාර්තාවුවද එය පුදුමයට කරුණක් නොවනු ඇතැයි එරට ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ඇන්තනී ෆවුචි මහතා පවසනවා.

අමෙරිකාව තුළ තවමත් වෛරසය පවතිනුයේ පාලනය කරගත නොහැකි මට්ටමේ බවයි සෙනට් මණ්ඩලය ඉදිරියේ කරුණු දක්වමින් ඔහු කියාසිටියේ.

LEAVE A REPLY