නාවික හමුදාවේ කොරෝනා වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ ගණන 885 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ , තවත් සුවය ලැබු නාවිකයින් 2 දෙනෙක් රෝහල්වලින් පිටව යෑමත් සමගයි. මේ අනුව තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින්නේ නාවිකයන් 19 දෙනෙකු පමණක් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

මේ අතර ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා වෛරස ආසාදිතයන් දෙදෙනාම විදෙස් රටවල සිට පැමිණි අයවලූන් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව එම ආසාදිතයන් දෙදෙනාම බහරේන් සිට පැමිණි අය වනවා.

මෙරට සමස්ත කොරෝනා ආසාධිතයන් ගණන 2076 දක්වා ඉහළ යන අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 162ක්.

LEAVE A REPLY