වර්තමාන රජයේ පවතින මූල්‍ය කළමනාකාරීත්වයේ අඩුපාඩු හේතුවෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී අනුපාතිකය කප්පාදු කර ඇති බවට සමගි ජන බලවේගය චෝදනා කරනවා.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ සාමාජික අජිත් පී පෙරේරා මහතා කියා සිටියේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මේ වන විට වර්තමාන රජය කුඩම්මාගේ සැලකිලි දක්වන බවයි.

මේ අතර අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට කිසිදු සැකයක් ඇති කර නොගත යුතු බවත්, කිසිදු කප්පාදුවක් ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම්වලින් මේ වන තෙක් සිදුකර නොමැති බවයි.

LEAVE A REPLY