මුලතිව් පුදුකුඩිඉරිප්පු සුදන්දිරපුරම් හිදී ඉඩමකින් මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමුවීමේ ස්ථානය මුලතිව් මහේස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතා විසින් අද නිරීක්ෂණය කරනු ලැබුවා.

පුදුකුඩිඉරිප්පු පොලීසිය පැවසුවේ සුදන්දිරපුරම් ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක වගා කටයුතු වෙනුවෙන් ඉඩම සකස් කරන අවස්ථාවේ අදාළ අස්ථි කොටස් පසුගිය 5 වැනිදා පළමුව ඉඩම් හිමියා දැක පොලීසිය දැනුවත් කළ බවයි.

ඉඩම හිමිකරුගේ දැනුම්දීම මත පුදුකුඩිඉරිප්පු පොලිස් නිළධාරීන් අදාළ ස්ථානය පරීක්ෂා කොට ඇති අතර සිදුවීම සම්බන්ධයෙන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කළ බවද පොලිසිය ප්‍රකාශ කළා.

අස්ථි කොටස් හමු වූ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම මුලතිව් මහේස්ත්‍රාත්වරයා විසින් අද සිදුකළ අතර මහේස්ත්‍රාත්වරයා අදාළ ස්ථානය කිලිනොච්චිය රෝහල විශේෂඥ අධිකරණ වෛද්‍යවරයාගේ මුලිකත්වය යටතේ එළැඹෙන 14 වැනිදා කැනීම් සිදුකරන ලෙසට දැනුම්දුන් බවද පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.

LEAVE A REPLY