කෝවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ට මොළය ආශ්‍රිත ආබාධ
ඇති වීමේ අවදානමක් ඇති බව විද්‍යාඥයින් අනතුරු අගවනවා.

මෙම තත්ත්වය මත ස්නායු ආශ්‍රිත ආබාධ ඇති වීම මෙන්ම විවිධ සංකූලතා ඇති විය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් සරසවියේ විද්‍යාඥයින් පිරිසක් විසින් සිදුකළ පරික්ෂණයේදී ආසාදනය වූ රෝගීන් 40 දෙනෙකු සම්බන්ධයෙන් සිදුකරන පරික්ෂණවලදී මෙම තත්ත්වය සහිත පුද්ගලයන් හමු වී තිබෙනවා.

එම රෝගීන්ට සිදු වූ කම්පනය සමග ස්නායු හානි හේතුවෙන් මොලේ ක්‍රියාකාරීත්වය තාවකාලිකව අඩුවීම වැනි රෝග ලක්ෂණ පෙන්වා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

LEAVE A REPLY