පරන්තන් සිට මුලතිව් දක්වා දිවෙන මාර්ගයේ විශ්වමඩු වෙලික්කන්ඩල් මංසන්ධිය ප්‍රදේශයේදී අද පෙරවරුවේ සිදු වූ රිය අනතුරකින් එළ ගවයින් 18 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

අධික වේගයෙන් පැමිණි ටිපර් රථයක් මාර්ගය හරහා ගමන් කරමින් සිටි ගවයින්ගේ ගැටීමෙන් අනතුරුව පළාගොස් ඇති බවයි ප්‍රදේශවාසීන් කියා සිටියේ.

ඉරණමඩු ජලාශයේ සිට පරන්තන් කුඹුරු ඉඩම් දක්වා ජලය රැගෙන යන ඇළ මාර්ගයන්ගෙන් ජලය බීමට පැමිණි ගවයින් පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බව ප්‍රදේශවාසීන් වැඩිදුරටත් සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකිරීමට නියමිතයි.

LEAVE A REPLY