WASHINGTON, DC - MARCH 21: U.S. President Donald Trump speaks during an East Room event at the White House March 21, 2019 in Washington, DC. President Trump signed the executive order to require colleges to “support free speech.” (Photo by Alex Wong/Getty Images)

දිනෙන් දින වාර්තා වන කෝවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ ගිය ද කැලිෆෝනියා ප්‍රාන්තයේ පාසල් නැවත ආරම්භ කළ යුතු බවට ඇමෙරිකා ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

එසේ නොකරන්නේ නම් කැලිෆෝනියා ප්‍රාන්තයට අධ්‍යාපනය වෙනුවෙන්
ලබාදෙන ප්‍රතිපාදන කප්පාදු කිරීමට සිදුවනු ඇති බවයි ඇමෙරිකා ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ.

එම ට්විටර් පණිවුඩය සම්බන්ධයෙන් තමා අවධානය යොමු නොකරන බව කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවීන් නිව්සම් පවසනවා.

පාසල් නැවත විවෘත කිරීම පිළිබඳ තමා මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි කැලිෆෝනියා ආණ්ඩුකාරයා වැඩිදුරටත් පවසන්නේ.

LEAVE A REPLY