ලොවපුරා සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට
එක්කෝටි 23 ලක්ෂ 93,492 ක් බවට පත්ව තිබෙනවා. කොරෝනා වෛරසය අසාදනය වීමෙන් මේ වනවිට ලොවපුරා මියගොස් ඇති සංඛ්‍යාව
පන්ලක්ෂ 57,491ක්.

වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති අමරිකා එක්සත් ජනපදයෙන් වාර්තාගත ආසාදන සංඛ්‍යාවක් ගත වූ පැය 24 තුළ වාර්තා වී තිබෙනවා.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ සංඛ්‍යාලේඛනවලට අනුව ඊයේ දිනයේ එරටින් ආසාදිතයන් 65,000 කට වැඩි ප්‍රමාණයක් තහවුරු වී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වුණේ.

කොවිඩ් 19 වෛරසයෙන් මියයන පුද්ගලයින් සංඛ්‍යාව ද ඉහළ යමින් පවතින අතර පසුගිය දින තුන තුළ 900 කට වඩා වැඩි පිරිසක් වෛරස ආසාදනයෙන් මියගොස් තිබෙනවා.

මේ අතර ඕස්ට්‍රේරලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් පසුගිය පැය 24 තුළ
නව ආසාදිතයන් 288 ක් හඳුනාගෙන තිබෙනවා. කොරෝනා වසංගතය ආරම්භ වූ දිනයේ සිට ඕස්ට්‍රේරලියානු ප්‍රාන්තයකින් වාර්තා වූ ඉහළම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව මෙය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එමෙන්ම අසල්වැසි ඉන්දියාවේ මේ වන විට සමස්ත කොරෝනා රෝගීන් ගණන හත්ලක්ෂ 94,855 දක්වා ඉහලගොස් ඇති අතර එරටින් වාර්තා වන මරණ ගණන 25 803ක්.

LEAVE A REPLY