නව කොරෝනා වෛරසය වැළඳී මියයන මුස්ලිම් ජාතිකයින්ගේ මෘත ශරීර ආදාහනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් විසින් පියවර ගැනීම මගින් , සිය මූලික අයිතීන් උල්ලංඝනයවන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලමින් ගොනුකර තිබෙන පෙත්සම් සලකා බැලීමට සැප්තැම්බර් මස 09 වනදා කැඳවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා .

එම නියෝගය නිකුත් කරනු ලැබුවේ අදාළ පෙත්සම් අද දින ප්‍රියන්ත ජයවර්ධන සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි .

සමස්ත ලංකා මහජන කොංග්‍රස් පක්ෂයේ නායක හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු මුස්ලිම් ජාතිකයින් පිරිසක් විසින් මේ සම්බන්ධයෙන් පෙත්සම් 12 ක් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා .

LEAVE A REPLY