ලොව කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති ඇමරිකාවෙන් ගත වූ පැය 24 තුළ ආසාදිතයන් 57,592ක් වාර්තා වී තිඛෙනවා. ඒ අනුව ඇමරිකාවෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව එක්ලක්ෂ 37,782ක්.

මේ අතර කොවිඩ් ආසාදිතයන් වැඩිම රටවල් අතරින් දෙවන ස්ථානයට පත්ව ඇති බ්‍රසීලයෙන් ගතවූ පැය 24දී මරණ 659ක් වාර්තා වී තිඛෙනවා. එමෙන්ම බ්‍රසීලයේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව ද මේ වන විට දහනවලක්ෂයට ආසන්න වී ඇති අතර ඒ අනුව මේ වන විට වාර්තා වන ආසාදිතයින් ගණන 18ලක්ෂ 66,176ක්.

මේ අතර කොවිඞ් ආසාධිතයන් හමුවීම නැවත වරක් ඉහළ යාමත් සමග ඉන්දියාවේ බැංගලෝර් නගරය හෙට රාත්‍රී 8 සිට නැවත වරක් වසා දැමීමට තීරණය කර තිඛෙනවා .ජූලි 22 වනදා අලුයම 5 තෙක් එය බලාත්මකයි.

කෙසේවෙතත් ආහාර අලෙවි සැල් මෙන්ම ඔසු සැල් ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අලෙවි කරන ස්ථාන පමණක් විවෘතව පවතිනු ඇති.

බැංගලෝර් නගරයෙන් ගතවූ පැය 24 තුළ ආසධිතයන් 1533 ක් හමුවුණා.

මේ වනවිට ඉන්දියාවෙන් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 8ලක්ෂ 79,466ක් වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 23,187ක් වනවා.

මේ අනුව ලොව පුරා ආසාදිතයින් ගණන එක්කෝටි තිස්ලක්ෂ 27,132ක් බවට පත්ව තිඛෙනවා .

එමෙන්ම ලොව පුරා කොවිඩ් අසාදනයෙන් මියගිය පිරිස වාර්තා වන්නේ පන්ලක්ෂ 71,076ක් ලෙසයි.

මේ අතර ලොවපුරා සුව වූ පිරිස ද 75ලක්ෂ 75,205ක් ලෙසට විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

LEAVE A REPLY