නව්‍ය කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ සමස්ත ජනගහනයෙන් සියයට 80 කට වැඩි පිරිසක් ආහාර අර්බුදයක් අභියස සිටින බව ඇෆ්ගනිස්ථාන ප්‍රතිසංස්කරණය පිළිබඳ අමෙරිකානු රජයේ අධීක්ෂණ අධිකාරිය හෙවත් සිගාර් කාර්යාලය පෙන්වා දී තිබෙනවා.

එරට මිලියන 38 කට අධික ජනගහනයෙන් මිලියන 32 කට වැඩි පිරිසක් මේ වනවිට ආහාර අර්බුදයට මුහුණ පා සිටින බවයි එම කාර්යාලය සඳහන් කර ඇත්තේ.

මේ වනවිට සියයට 55 ක් වන ඇෆ්ගනිස්ථානයේ දරිද්‍රතා අනුපාතය සියයට 80 ඉක්මවා ඉහළ යනු ඇති බව සිගාර් කාර්යයාලයේ නවතම අධ්‍යයන වාර්තාවේ සඳහන්.

LEAVE A REPLY