රෙදි කැබැල්ලකින් ගෙළ සිර කොට ඝාතනය කර තිබූ අවුරුදු 8 ක පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් ගලේවෙල පත්කොළගොල්ල ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී සොයා ගත්තා. මව් සෙනෙහස පවා අහිමිව, ඥාති නිවසක හැදී වැඩුණු දරුවෙක් මෙලෙස ඝාතනය කර ඇති බවයි පොලිසිය පැවැසුවේ. තිස් එක් වන දින පස්වරුවේ මෙම දරුවා අතුරුදන් වී ඇති බවයි ඔහු හදාවඩා ගත් ඥාතීන් පොලිසිය හමුවේ පවසා තිබුණේ. අනතුරුව සිදුකළ සෝදිසියේදී ගලේවෙල පත්කොළගොල්ල ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී එම දරුවාගේ නිසල සිරුර සෙයා ගත්තා.

මෙම දරුවාගේ ගෙළ ප්‍රදේශය රෙදි කැබැල්ලකින් සිරකොට ඝාතය සිදුකර ඇති බවයි මූලික පරීක්‍ෂණවලදී අනාවරණ වී තිබෙන්නේ. මෙම දරුවා පදිංචි නිවෙස ඉදිරිපිට ප්‍රදේශය විවිධ සාදවලට ඉඩකඩ ලබා දෙන ස්ථානයක් බවත් ඇළ මාර්ගයට පැමිණ විවිධ පුද්ගලයින් මත්පැන් පානය කරන බවත් පසුව සිදුකර ඇති විමර්ශණවලදී හෙළි වී තිබෙනවා. දරුවා ඝාතනය වූ ස්ථානය ආසන්නයේ හෙරොයින් මත් කුඩු භාවිතා කර ඇති ආකාරයක්ද නිරීක්‍ෂණය වී තිබෙනවා.

දරුවා අතුරුදන්වීමෙන් අනතුරුව ඔහු සොයා යන පිරිසට නිරීක්‍ෂණය වී ඇති පුද්ගලයෙකු සම්බන්ධයෙන්ද පොලිසියේ අවදානය යොමු වී තිබෙනවා. ප්‍රදේශවාසීන් පෙන්වා දී ඇත්තේ දරුවා සොයන අවස්ථාවේ මත්ද්‍රව්‍ය භාවිතා කළ අයෙකු බවට සැක කරන පුද්ගලයෙකු හිස නමාගෙන ඇල ආසන්නයේ රැදී සිටි බවයි.

මෙම දරුවාගේ මව මීට කලකට ඉහතදී ප්‍රදේශය හැරගොස් ඇති බවද ඉන්පසු මෙම දරුවා පියාගේ ළඟම ඥාති නිවසක හැදී වැඩී ඇති බවද පොලිසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්‍ෂණ ක්‍රියාත්මකයි.

LEAVE A REPLY