පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිපලයට බලපෑම් කිරීමේ අපේක්‍ෂාවෙන් විවිධ තත්ත්වයන් නිර්මාණය කිරීමට ඉඩ ඇති බව ජාතික ජනබලවේගය පවසනවා. එහි අපේක්‍ෂක විජිත හේරත් මහතා ගම්පහ ප්‍රදේශයේ පැවැති ජනහමුවකදී මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා.

අන්තිම දවස් කීපයේ එක එක රංගන එන්න පුළුවන්. එක කාලෙක නාගයෙක් පෙන්නලා රටක් මුලා කළා. පසුගියදා භික්‍ෂූන් වහන්සේ නමක් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ගැන කිව්වා. ඒ වගේම තවත් හිටපු මන්ත්‍රි කෙනෙක් බැසිල් රාජපක්‍ෂ ඝාතන කුමන්ත්‍රණයක් ගැන කිව්වා. ඒ වගේම බැසිල් රාජපක්‍ෂට පොලිස් ආරක්‍ෂාව දෙන්න කියලත් ඉල්ලීම් ඉදිරිපත් වුණා.

මේ ඡන්දය කට ළග තියලා එන කතා. කාලයක් නාමල් කුමාර කෙනෙක් ආවා. අද ඒ පුද්ගලයා හොයා ගන්නත් නෑ. ඒ නිසා හෙටත් මේ වගේ රංගන එන්න පුළුවන්. ඒ නිසා මේවාට මුලා වෙලා දේශපාලන අනාගතේ අදුරු කර ගන්න එපා.

LEAVE A REPLY