මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් රුපියල් බිලියන 11 ක මුදලක් වංචා කළ බවට තමන් වෙත එල්ලවන චෝදනා පදනම් විරහිත බව සමඟි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළා. ඔහු කඩුවෙල පැවැති ජනහමුවකදී කියා සිටියේ අභියෝගවලට බිය නොවන බවයි.

හොර කල්ලිය කියනවා මුදල් අවභාවිතා වුණාලු. අටමස්ථානය, සොළොස්මස්ථානය, දීඝවාපිය, මිහින්තලේ දියුණු කරන්න කටයුත කළා. අපි ආරම්භ කළ වැඩ සියල්ල දැන් නතර කරලා. එහෙම නතර කරන එක් සිංහල බෞද්ධකමද ?

මම කියන්න කැමතියි මඩවලට චරිත ඝාතනවලට සජිත් ප්‍රේමදාස බය නෑ. ඒ වගේම ආගමික සිද්ධස්ථාන දියුණු කරන එක නතර කරන්නෙත් නෑ.

LEAVE A REPLY