මෙවර අයි.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව සිටින ලසිත් මාලිංග සහ ඉසුරු උදානට තරගාවලියේ පළමු සතිය අහිමි වනු ඇති බව වාර්තා වනවා.

ඒ, ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය එම කාලයේදී සංවිධාන කිරීම හේතුවෙන්.

එල්.පී.එල්. තරගාවලිය අගෝස්තු 28 වනදා ආරම්භ වන අතර, සැප්තැම්බර් 20 වනදා අවසන් වීමට නියමිතයි.

ඒ අනුව සැප්තැම්බර් 20 වනදා දක්වා කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට වෙනත් තරගාවලියක් ක්‍රීඩා කිරීමේ අවසර හිමි නොවනු ඇති.

මෙවර අයි.පී.එල්. තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත අතර, තරගාවලියට එක් වීමට පෙර ක්‍රීඩකයින්ට දින කිහිපයක නීරෝධායනයකට ද ලක් වීමට සිදු වනවා.

LEAVE A REPLY