පැපුවා නිව්ගිනියාවේ ගුවන් ගත වූ සැණින් කුඩා ගුවන් යානයක් කඩා වැටී තිබෙනවා.

ඕස්ටේ්‍රලියානු වෙළඳපොළට යැවීමට කොකේන් අධික ලෙස පටවා තිබීම හේතුවෙන් මෙම ගුවන් යානය කඩා වැටි ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව මෙල්බර්න් හි අපරාධ කල්ලියක සාමාජිකයින් යැයි කියනු ලබන පුද්ගලයින් පස් දෙනෙකු එහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඕස්යේ්‍රලියානු පොලිසිය සඳහන් කර ඇත්තේ, මෙම කල්ලිය පිළිබදව වසර දෙකක් තිස්සේ සෝදිසියෙන් සිටින බවයි.

උතුරු ක්වීන්ස්ලන්තයේ මරීබා සිට ගුවන්ගත වී පෝර්ට් මෝර්ස්බිට උතුරින් පිහිටි පැපා ලී ලී හි දුර බැහැර ගුවන් තොටුපළකට ගොඩබෑමට පෙර රේඩාර් හඳුනා ගැනීම වළක්වා ගැනීම සඳහා අඩු උන්නතාංශයකට එම ගුවන්යානය පියාසර කර තිබෙනවා.

LEAVE A REPLY