රටට ගැලපෙන ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම ප්‍රධාන අපේක්‍ෂාවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම මෙන්ම විධායකයේ හා ව්‍යවස්ථාදායකයේ බලතල පිළිබඳ ඇතිවී තිබෙන ගැටළු විසදීම යන කාරණා මූලිකව සලකමින් නව ව්‍යවස්ථාව සම්පාදනය කරන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.

එමෙන්ම 19 වන ව්‍යවස්ථාවේ ගැටළු රැසක් ඇතැයිද පැවැසු බැසිල් රාජපක්‍ෂ මහතා පෙන්වා දෙන්නේ කොමිෂන් සභාවල පවතින තත්ත්වයන්ද ඊට උදාහරණ බවයි. රටට පලදායී ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම හා ඉදිරි සැලසුම් නිවැරදිව ක්‍රියාත්මක කිරීම සඳහා තුනෙන් දෙකක බලයක් අවශ්‍ය බවද ඔහු පැවැසුවා.

එමෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයේදී මන්ත්‍රිදුර 130 ට වඩා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවන බවයි බැසිල් රාජපක්‍ෂ මහතා මෙහිදී සඳහන් කළේ.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් වැඩි ගණනක් පාර්ලිමේන්තුවට එවීමට ජනතාව වගබලා ගන්නේනම් එය ඉතා වැදගත් කාරණයක් බවද බැසිල් රාජපක්‍ෂ මහතා විශේෂයෙන් සඳහන් කළා.

LEAVE A REPLY