ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශීය රටවල් දෙකක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 373 දෙනෙකු සහ වෙළෙඳ නැවක සේවය කිරීම සදහා විදේශීය නාවිකයන් 13 දෙනෙකු අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 332 දෙනෙකු රැගෙන ඩුබායි සිට එක් යානයක් පැමිණ තිබූ අතර, ඔවුන් අතර කුඩා ළමුන් සිව් දෙනෙකුද සිට තිබෙනවා.

එංගලන්තයේ රැකියා සහ උසස් අධ්‍යාපන කටයුතු සදහා ගොස් සිටි ශ්‍රීලාංකිකයන් 41 දෙනෙකු රැගෙන එරට ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට තවත් යානයක් මෙරටට පැමිණියා.

මේ අතර කොළඹ වරායේ නැංගුරම් ලා ඇති වෙළෙඳ නැවක සේවය කිරීම සදහා විදේශීය නාවිකයන් 13 දෙනෙකු රැගෙන කටාර් හි දෝහා සිට තවත් යානයක් කටුනායකට පැමිණි බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

මෙම ගුවන් මගීන් සියලු දෙනා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පසු පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව නීරෝධායන කටයුතු සදහා යොමු කෙරුණා.

LEAVE A REPLY