FILE PHOTO: A woman holds a small bottle labeled with a "Vaccine COVID-19" sticker and a medical syringe in this illustration taken April 10, 2020. REUTERS/Dado Ruvic/Illustration/File Photo

මේ වනවිට පරීක්ෂණ මට්ටමේ ඇති කොවිඞ් – 19 එන්නත් මිලියන 100 ක් ලබා ගැනීම සඳහා ඇමරිකානු රජය ගිවිසුම් ගත වී තිබෙනවා.

ඒ අනුව මෙම වසර නිමාවීමට පෙර ප්‍රධාන පෙලේ බි්‍රතාන්‍ය සහ ප්‍රංශ ඖෂධ නිෂ්පාදන සමාගම් දෙකක් මෙලෙස ඇමරිකාවට කොවිඞ් – 19 එන්නත් සැපයීමට අපේක්ෂිතයි.

කොරෝනා එන්නත් වෙළඳපොලට පිවිසීමට පෙරම ඒවා මිලදී ගැනීම සඳහා ඇමරිකාව කටයුතු කරන්නේ ජනපති ට්‍රම්ප්ගේ ඔපරේෂන් වෝප් ස්පීඞ් ව්‍යාපෘතිය යටතේ වන අතර ඒ සඳහා වැය වන මුදල ඇමරිකානු ඩොලර් බිලියන 2යි දශම 1ක් බව සඳහන්.

මෙලෙස එන්නත් මිලදී ගැනීමට හේතු වී ඇත්තේ ඉදිරි සති කිහිපය තුළ කොරෝනා මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි ඇමරිකානු වසංගත රෝග පාලන මධ්‍යස්ථානය ප්‍රකාශ කිරීමත් සමගයි.

LEAVE A REPLY