අවංක, දේශමාමක බලවේගවලින් සමන්විත, දැවැන්ත ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණක් නිර්මාණය කරන බව සමගි ජන බලවේගයේ නායකත්ව මණ්ඩල සභික පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

රටේ පවතින ප්‍රශ්නවලට විසඳුම් ලබා දිය හැකි එකම කණ්ඩායම සමගි ජන බලවේගය පමණක් බවද සිහිපත් කරන රණවක මහතා පෙන්වා දුන්නේ නව බලවේගය සමඟ වංචාකරුවන්, ෆෙඩරල් වාදීන් හෝ ජාතික සම්පත් විදේශයන්ට අලෙවි කරන කිසිවෙකු එක්කර නොගන්නා බවයි.

බීබීසී ලෝක සේවය සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී පාඨලී චම්පික රණවක මහතා මේ බව ප්‍රකාශ කළා.

LEAVE A REPLY