ජනමත විචාරණයක් පවත්වන්නට එකඟ වන පක්ෂයකට ආණ්ඩු බලය පිහිටුවීම සඳහා සහාය ලබාදීමට දෙමළ ජාතික සන්ධානය සහ දෙමළ ජනතා ජාතික සන්ධානය තීරණය කර තිබෙනවා.

දෙමළ ජනතාව සඳහා ස්වයං පාලන අයිතිය සහිත ෆෙඩරල් පාලන ක්‍රමයක් සහ උතුරු සහ නැගෙනහිර දෙපළාත යළි ඒකාබද්ධ කිරීම සඳහා එම පළාත් දෙකේ ජනතාවට පමණක් ඡන්දය දිය හැකි ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවයි එම පක්ෂ පෙන්වා දෙන්නේ.

මෙම ජනමත විචාරණය එක්සත් ජාතීන්ගේ අධීක්ෂණය යටතේ පැවැත්විය යුතු බව දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක සී.වී. විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කරනවා.

එමෙන්ම උතුරු සහ නැගෙනහිර දෙපළාතේ පිහිටි හමුදා කඳවුරු ඉවත් කිරීම, යුද සමයේ අතුරුදන්වූවන් පිළිබඳ වගවීම, එසේ අතුරුදන් වූවන් පිළිබඳ වගකීම සතු අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර සියලූ සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කිරීමට පියවර ගත යුතු බවයි දෙමළ ජාතික සන්ධානය පෙන්වා දෙන්නේ.

ඒ අනුව එම ඉල්ලීමට එකඟවන ඕනෑම පක්ෂයකට සහාය ලබාදෙන බව දෙමළ ජාතික සන්ධානයේ මහ ලේකම් මාවෙයි සේනාධිරාජා මහතා ප්‍රකාශ කළා.

LEAVE A REPLY